Wednesday, February 17, 2021

බෝපත් ඇල්ල


 කුරුගංගාව මීටර් 30 තරම් උසකින් වු රළු පාෂාණ තලාවක් මත ගලායමින් ඇද හැලී බෝපත්ඇල්ල  නිර්මාණය කරන්නේ  . මෙතැන් සිට ගංගාව පරිණත මට්ටමේ ගලාගොස් කුරුවිට නගරය අසලදී බටහිර දෙසට හැරී ගමන් කරන්නේය. බෝ කොළයක් ලෙසින් ගලා හැලෙන බෝපත්ඇල්ල දෙස් විදෙස් සංචාරක ආකර්ශණය  තුඩු දී ඇත්තේ එහි සුන්දරත්වය නිසාම නොව ඇල්ල ආසන්නයේ ඇති ස්වභාවික සුන්දර පිහිණුම් තටාකය හෙයිනි.   බෝපත්ඇල්ල සංවර්ධන ව්‍යාපෘතිය තුළින්  බෝපත්ඇල්ල අවට  උද්‍යානයක්, පිවිසුම් දොරටුව, රථගාල හා සනීපාරක්ෂක පහසුකම්  ප්‍රශස්ත මට්ටමින්  නොවුවද සංචාරක අවම පහසුකම්  ලැබෙන අයුරින් සකසා ඇත.. බෝපත්ඇල්ල පාරිසරික  වශයෙන් හරිත රක්ෂිතයක් බවට  ප්‍රකාශ වී ඇති අතර,  ඇල්ල සංරක්ෂණය සඳහා නීතිමය පියවර ගැනීමටද ප්‍රාදේශීය සභාව පියවර ගෙන ඇත. බෝපත්ඇල්ල කේන්ද්‍ර කොට ගෙන ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය මෙම කුරුවිට සංචාරක සංවර්ධන කළාපය ස්ථානපනය කිරීමට කටයුතු  කිරීම සංවර්ධන ක්ෂේත්‍රයේ  වැදගත් කාර්යයකි. ඒ අනුව ප්‍රදේශයේ ක්‍රියාත්මක පාරිසරික සංරක්ෂණ කටයුතු වෙනුවෙන් මේ වනවිට බෝපත් ඇල්ල රක්ෂිතය රුක් රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා ඇල්ල ප්‍රදේශය පාරසරික වැදගත්කමක් යුතු රක්ෂිතයක් ලෙස නම් කොට තිබීම එම ස්ථානයේ වැලි ගොඩ දැමීම තහනම් කිරීම හා සංවර්දන කටයුතු සිදු කිරීම මේ යටතේ සිදුකර ඇත.

 

kuruwita.ps.gov.lk

1 comment: