Sunday, February 14, 2021

මුහුදු කැස්බෑවා

 

 

 සාගරයේ වෙසෙන ජීවීන් අතරින් කැස්බෑවා (Chelonioidea) සුවිශේෂී සත්වයෙකි.මෙම සත්ත්වයා සාගරයේ ජීවත්වන උරගයකු ලෙසද හඳුන්වයි.වායුගොලයේ ඔක්සිජන් ස්වසනය කරන සාගරයේ ජීවත් වන මොවුන් වසර දශ ලක්ෂ සියයකටත් ඈත අතීතයේ සිට පරිණාමය වෙමින් වර්තමානය දක්වා ගමන් කර ඇති බව විද්‍යාත්මක සාධක මගින් සනාථ වෙයි.පෘථිවිය මත ජීවත් වන සාර්ථක ජීවී කණ්ඩායමක් ලෙස කැස්බෑවුන් පිළි ගැනේ.මොවුන්ගේ ශරීර උෂ්ණත්වය පරිසර උෂ්ණත්වය අනුව වෙනස් වන බැවින් උදය කාලයේදී සාගරය මතුපිටට පැම්ණ සූර්ය කිරණ මගින් උෂ්ණත්වය වැඩි කර ගනී.මොවුන් පෙනහලු මගින් වාතය ආශ්වාස ප්‍රශ්වාස කරයි.කැස්බෑවන් රාත්‍රිය ගෙවා දමන්නේ අක්‍රියවය.සාගර පත්ලේ ඇති ගුහා හෝ පැලුම් තුළට වී නිදා ගැනීම සිදු කරයි. 

 

මුහුදු කැස්බෑ විශේෂ

 

  1. දාර කැස්බෑවා
  2. ගල්/ වැලි කැස්බෑවා
  3. පොතු/ ලෙ‍ලි කැස්බෑවා
  4. ඔලුගෙඩි කැස්බෑවා
  5. මඩ/ බටු කැස්බෑවා
  6. කෙම්ප් රිඩ්ලි කැස්බෑවා
  7. කොළ කැස්බෑවා

ශ්‍රී ලංකාවේ කැස්බෑ සම්පත

ඉහත සදහන් කළ කැස්බෑ විශේෂ අතරින් කැස්බෑවුන් වර්ග කිහිපයක් ලංකාව ආශ්‍රිත වෙරළ තීරයේදී නිරීක්ෂණය කළ හැකි වේ. ලංකාවේ බූන්දල ජාතික උද්‍යානයේ දකුණු සීමාව, බලපිටිය, මන්නාරම දකුණු වෙරළ, නැගෙනහිර කුච්චවේලි සිට කෝකිලායි දක්වා සහ කොඩයිමුඩෙයි සිට කච්චතිවු දක්වා වෙරළ තීරය , යාපනය අර්ධ ද්වීපය කැස්බෑවන් බිත්තර දමන වෙරළ තීරයන් වේ. මේ වන විට ශ්‍රී ලංකාවේවෙරළ තීරයට බිත්තර දැමීම සඳහා පැමිණෙන කැස්බෑවන් වර්ග පහක් හඳුනා ගෙන ඇත.

  • ඔලුගෙඩි කැස්බෑවා
  • ගල්/ වැලි කැස්බෑවා
  • දාර කැස්බෑවා
  • බටු කැස්බෑවා
  • පොතු/ ලෙ‍ලි කැස්බෑවා

 

දාර කැස්බෑවා


දාර කැස්බෑවා තුන්දානි කැස්බෑවා, වවුල් කැස්බෑවා හා දකුණු පළාතේදී නැව් කැස්බෑවා ලෙස ද හැඳින්වෙයි. දාර කැස්බෑවාගේ ප්‍රධාන ආහාරය ජෙලි මසුන්(ලොඩියන්) වේ. ඊට අමතරව මාලු, ඉස්සන්, පොකිරිස්සන්, කකුලුවන්, මුහුදු බෙල්ලන් ද ආහාරයට ගනු ලැබේ. දාර කැස්බෑවා ගොදුරු සොයා ගැනීමට කි.මී. දහස් ගණනක් දුර ගමන් කරයි. ශරීර උෂ්ණත්වය පාලනය කර ගැනීමේ හැකියාව නිසා සීතල සාගරයේ වුවද පිහිනා ගොස් ආහාර සොයා ගැනීමට හැකි වී තිබේ.කැස්බෑ වර්ග අතරින් විශාලම වර්ගය ලෙස දාර කැස්බෑවා හැඳින්විය හැනි අතර ‍මොවුන්ගේ සාමාන්‍ය බර කි.ග්‍රෑ.600ක් පමණ වේ.දාර කැස්බෑවන් සියයක් පමණ ලංකාව අවට මුහුදු සීමාවේ ජීවත් වේ. 

 

ඔලුගෙඩි කැස්බෑවා


 අනෙක් කැස්බෑ වර්ග හා සැසදීමේදී විශාල හිසක් සහිත වීම නිසා ඔලුගෙඩි කැස්බෑවා යන නමින් හැදින්වේ.මීටරයක් පමණ දිගට වැඩෙන ඔලුගෙඩි කැස්බෑවා සාමාන්‍යයෙන් කි.ග්‍රෑ.180ක් පමණ බරකින් යුතු වේ. ඔලුගෙඩි කැස්බෑවා එකවර බිත්තර 150ක් පමණ දමයි. ඔලුගෙඩි කැස්බෑවාගේ කටුව හදවතක හැඩය ගනී. මෙම ඔලුගෙඩි කැස්බෑවාගේ මාංශ මිනිසුන්ට අහිතකර නිසා මිනිසුන්ගෙන් වන තර්ජන අවම වේ. 

 

ගල් කැස්බෑවා


ගල් කැස්බෑවා ඉංග්‍රීසි භාෂාවෙන් ග්‍රීන් ටර්ටල් ලෙස හඳුන්වයි. එයට හේතුව මෙම කැස්බෑවාගේ කටුවට යටින් ඇති කොළ පැහැති මේද ස්තරයයි. මෙම මේද ස්තරය සුප් සෑදීමට යොදා ගන්නා නිසා ගල් කැස්බෑවුන් වඳ වීමේ තර්ජනයට මුහුණ පා සිටී. මීටර් 1ක් පමණ දිග ගල් කැස්බෑවා කි.ග්‍රෑ.180ක් පමණ බරින් යුතු වේ. කුඩා කාලයේ මාංශ භක්ෂක වන අතර වැඩුණු පසු ඇල්ගා ශාක මත යැපෙන ශාක භක්ෂකයින් බවට පරිවර්තනය වේ.  


බටු කැස්බෑවා


කැස්බෑවුන් අතර කුඩාම කැස්බෑ විශේෂය ලෙස බටු කැස්බෑවා හැඳින්වෙයි. දිග සෙ.මී.45ක් පමණ වන අතර බර කි.ග්‍රෑ.40ක් පමණ වේ. ශ්‍රී ලංකාවේ ඉඳුරුව, කොස්ගොඩ, රැකව, බූන්දල, යාල ආශ්‍රිත ප්‍රදේශවල වෙරළ තීරයේදී බටු කැස්බෑවා දැකිය හැක. බටු කැස්බෑවා සාගර ප්‍රදේශය ආසන්නයේ බිත්තර දමයි. බිත්තර මුහුදට ගසා ගෙන යාමේ හැකියාව වැඩි නිසා බිත්තර රැක ගැනීම අපහසු වී ඇත.  


පොතු/ ලෙ‍ලි කැස්බෑවා

 

පොතු/ ලෙ‍ලි කැස්බෑවා කැස්බෑ පවුලේ ආකර්ශනීයම සාමාජිකයා ය. උකුස්සකුගේ හොටයක් ආනාරයට හිස සැකසී ඇත. මේ හේතුව නිසා පොතු/ ලෙ‍ලි කැස්බෑවා හොක්ස් බිල් ටර්ට්ල් ලෙස ද හඳුන්වයි. පොතු/ ලෙ‍ලි කැස්බෑවාගේ පිට කටුවේ ඇති ආකර්ෂණය නිසා බොහෝ විට මෙම පොතු/ ලෙ‍ලි කැස්බෑවාගේ කටුව ඔප දැමීමෙන් විසිතුරු භාණ්ඩ නිපදවීමට බොහෝ පුද්ගලයෝ පුරුදු වී සිටිති.දීර්ඝ කාලයක් තිස්සේ විසිතුරු භාණ්ඩ නිපදවීමට මෙම සතුන් දඩයම් කිරීම නිසා වර්තමානයේදී මොවුන් දුර්ලභ කැස්බෑ විශෙෂයක් බවට පත් වී තිබේ. 

 

 -විකිපීඩියා-

 

No comments:

Post a Comment