Sunday, February 14, 2021

දරුවකු බලාපොරොත්තුවෙන් ඉන්න ඔබ භාරහාර විය හැකි තැන් කිහිපයක්

1. ශ්‍රී මහා බෝධිය

දවස් තුනක් පේ වෙන්න. ශ්‍රී මහ බෝධියට පිරිකර හා ඖෂධ පුජාවක් කරන්න. උදෑසන යනවා නම් කිරිපිඩු පුජාවක් කරන්න.

ඉන්පසු පන්සිල් ගෙන බෝධිය වන්දනා කරන්න. අවසානයේදි පිංවන්ත දරුවෙකු ප්‍රර්ථනා කරන්න. ඔබට  ශ්‍රී මහ බෝධයට සිවුරක් පුජා කරන්න භාර වෙන්න පුළුවන්.

 

2.දළදා මාලිගාව

කහ වතුරෙන් සෝදා සුදු රෙදි කැබැල්ලක ගැට ගැසු පඩුරක්, මල්, පොල් තෙල්, හා සුදු මාලයක් රැගෙන යන්න. සුදු ඇදුමකින් සැරසෙන්න.

දළදා මාලිගාවේ තේවාවන් සතියේ දින හතේම පැවැත්වෙනවා. එය උදේ 5.30,  උදේ 9.30 හා සවස 6.30 ලෙස පැවැත්වෙනවා.

තේවාවක් සදහා සාමාන්‍යයෙන් පැය එකහාමාරක් පමණ ගත වෙනවා. ඔබ කිරිපිඬු පුජා කරනවා නම් යන්න ඕනී උදේ 5.30 පූජාවටයි.

ඔබට මල්, පහන්, පඩුරු 1 ක්  පූජා කර පින්වන්ත දරුවෙක් ප්‍රර්ථනා කරන්න.

3.වැල් බෝධිය

දළදා මාලිගාව ඉදිරියේ ඇති නාථ දේවාල භූමියේ පිහිටා තියෙනවා. ප්‍රර්ථනා ඉටු කරන බෝධියක් විදියට ප්‍රචලිතව තියෙනවා.

මල් පහන් පුදා ඔබේ පැතුම ලියු සුදු කොඩියක් වැල් බෝධියේ එල්ලන්න. ගාථා කියලා අවසානයේදි පිංවන්ත දරුවෙකු ප්‍රර්ථනා කරන්න.

4.කිරි වෙහෙර කතරගම

කතරගම දේවාල භූමියේ පිහිටා ඇති කිරිවෙහෙරට කිරිපිඩු පුජා කිරීමත් මහත් අනුහස් ගෙන දෙන බව කියවෙනවා.

ඔබටත් කතරගම යන්නේ නම් කිරි වෙහෙරට ගොස් කිරිපිඩු පූජා කර පිංවන්ත දරුවෙකු ප්‍රර්ථනා කරන්න පුළුවන්.

5.නවගමුව පත්තිණි දේවාලය

නවගමුව පත්තිනි දේවාලය පිහිටා තියෙන්නේ පරණ අවිස්සාවේල්ල පාරේ නවගමුව ප්‍රදේශයේයි.

පෝය දින හැරුණු විට සතියේ අනෙකුත් සෑම දිනකම පුජා වට්ටි පිදිම සිදු කරනවා.

නවගමුව දේවාලයේ දිනපතා තේවාව පෙරවරු 10ට පමණ ඓතිහාසික පුරාණ මහා පත්තිනි දේවාලයේ සිදු කරනවා

දරුවා බලාපොරොත්තු වෙන අම්මායි තාත්තායි දෙන්නාම සහභාගී වෙන්න. කහ මල්, කහ කොඩියක්, කහ මල් මාලයක් හා පළතුරු වට්ටියක් අරගෙන යන්න.

පුජාව අවසානයේදි කහ වතුරෙන් පිරිසිදු කල කාසියක් සුදු රෙදි කැබැල්ලක ගැට ගසා දරුවෙකු ලබා ගැනීම සදහා භාරවෙන්න. පත්තිනි කන්නලව්ව කරන්න.

සමහරු කිරි අම්මාවරුන්ගේ දානයක් ලබා දීමටද භාරවෙනවා.

6. කැබිලිත්ත දේවාලය

ජාතික වන උද්‍යානයට අයත් අංක 02 කලාපයේ කුඹුක්‌කන්ඔය ආසන්නයේ පිහිටා තියෙනවා.

මේ සදහා මුලින්ම  දරුවා බලාපොරොත්තු වෙන දෙමව්පියන් දෙදෙනාම මස් මාළු, මත්වතුර හා මත් ද්‍රව්‍ය වලින් තොරව පේ වෙන්න අවශ්‍ය වෙනවා.

ඉන්පසු දරුවා බලාපොරොත්තු වෙන පියාට මෙම දේවාල භූමියට ගොස් පිංවන්ත දරුවෙකු ප්‍රර්ථනා කර භාරවෙන්න පුළුවන්.

7.කෝනේෂරම් දේවාලය

ත්‍රිකුණාමලයේ පිහිටා ඇති මෙම හින්දු කෝවිලට දරුවෙක් ප්‍රර්ථනා කර භාරවෙන්න පුළුවන්. ඒ සදහා පූජා වට්ටියක් හා පඩුරක් රෑගෙන ගොස් භාර වෙන්න.

8.පින්වත්තේ මී ගහ කෝවිල

මෙම කෝවිලටද භාරවීමෙන් අනුහස් ලැබෙන බව අපගේ මිතුරු මවක් අප හා තොරතුරු බෙදාගනු ලැබුවා.

9.මිනුවන්ගොඩ ගලේ දේවාලය

ගම්පහ මිනුවන්ගොඩ පිහිටා ඇති ගලේ දේවාලය කපු මහතෙකු නොමැතිව පුද පූජා පැවැත්වෙන ස්ථානයකි.

දරුවන් නොමැති අයගේ ප්‍රර්ථනා මෙහි ගොස් භාර වීමෙන් ඉටුවෙන බව මිතුරු මවක අප හා බෙදාගත්තා. 

10.සීනිගම දේවාලය

සීනිගම පිහිටි සීනිගම දේවාලයද  දරු ඵල ප‍්‍රමාද මව්වරුන්ට දරුවන් ලබා දෙන බවට ප්‍රසිද්ධය. ඔබට මේ ස්ථානයටද භාරවෙන්න පුළුවන්.

11.කඩවත ඇල්දෙනිය ගර්භාෂ දේවමාතාවන්ගේ දේවස්ථානය

කතෝලික ‌දරුවන් ‌නොමැති ‌දෙමව්පියන් ඒ ප්‍රර්ථනාව ඉටුකරගන්න ‌දෙවියන් යදින භාරහාර වෙන ජනප්‍රිය ස්ථානයක් බව මිතුරු මවක් අප හා ‌තොරතුරු ‌බෙදාගත්තා.

 

දරුවන් අපගේ මහානර්ඝ වස්තුවයි. ඔබටත් පිංවන්ත දරුවෙකු ලැබේවා. ඔබේ කිරි සිහිනය සැබෑවේවා.

 

-theasianparents.com-

 

No comments:

Post a Comment