අපේ රටේ අය වගේම ලෝකයේ ප්‍රධාන පෙළේ මාධ්‍ය පවා එතරම් නොදන්න සුවිශේෂී මාළිගාවක් චීනයෙහි පිහිටා තිබෙනවා.
බීජිං නගරයේ පිහිටා තිබෙන මෙම මාලිගා සංකීර්ණය හැඳින්වෙන්නේ තහනම් නගරය ලෙසයි. අතීත චීන අධිරාජ්‍යවරුන්ගේ සමයේදී සාමාන්‍ය ජනතාවට මෙම මාළිගය විවෘත නොවුණු නිසා තහනම් නගරය ලෙස හැඳින්වුණු බව කියවෙනවා. ප්‍රංශයේ ලූවර් මාළිගාව මෙන් තුන් ගුණයක් විශාල වන තහනම් නගරය වර්ග අඩි හැත්තෑ හත් ලක්ෂ පනස් දාහක බිම් ප්‍රමාණයක් පුරා විහිදී යනවා. කම්කරුවන් ලක්ෂ දහයක් පමණ මෙම මාළිගය නිර්මාණය කිරීම සඳහා දායක වූ බව කියවෙනවා. ගොඩනැගිලි නමසිය අසූවක් සහ කාමර අට දහස් හත්සීයක් පමණ මෙම මාළිගා සංකීර්ණය තුළ පිහිටා තිබෙනවා.
2. චීන ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ටතම නිර්මාණය
ලෝකයේ දැනට ඉතාම හොඳින්ම සංරක්ෂණය වී ඇති
මධ්‍යතන යුගයේ ලීයෙන් කළ ගොඩනැගිලි සංකීර්ණය අයත් වන්නේ තහනම් නගරයටයි.
අදටත් එහි ඇති සෑම ගොඩනැඟිල්ලකම සුළු වෙනස්කමක් පවා සිදු කොට නැත්තේ චීන
ගෘහ නිර්මාණ ශිල්පයේ ඇති විශිෂ්ඨත්වය නිරූපණය වන පරිදියි. මෙම මාළිගයට
ඇතුළු වන්නට ස්වර්ණාලේපිත දොරටු නමයක් නිම කොට තිබෙනවා. චීන විශ්වාසවලට
අනුව අංක නමය මගින් විශිෂ්ටත්වය නිරූපණය වනවා.
3. ගස් නැති පිටත රාජ සභා මණ්ඩපය
ප්‍රධාන මාළිගා පරිශ්‍රය ඉදිරිපස එළිමහන තුළ පිටත රාජසභා මණ්ඩපය පිහිටා තිබෙනවා. උත්සව අවස්ථාවලදී සාමාන්‍ය ජනතාවට අධිරාජ්‍යයා දැකගැනීමේ අවස්ථාව ලැබුණේ මෙම පිටත රාජසභා මණ්ඩපය තුළ දී පමණයි. පුදුමයකට මෙන් මෙම එළිමහන් කොටස තුළ කිසිදු ගසක් ඉතුරු කර නැහැ. නමුත් ඇතුළත රාජ සභා මණ්ඩපය තුළ අලංකාර ගෙවතු දකින්නට ලැබෙනවා. මීට හේතුව ලෙස බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ ගසක් ආධාරයට ගනිමින් අධිරාජ්‍යයා වෙත ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක් පවතින නිසා, පිටත රාජසභා මණ්ඩපය ගස්වැල් වලින් තොර කලාපයක් කර ඇති බවයි.
4. අරාබි ගෘහ නිර්මාණ ශිල්පයේ ආභාෂය ලැබූ නාන ගෙය
යුවාන් රාජවංශයේ රජවරු විසින් තම රජමාළිගය ගොඩනගා තිබුණේ ද තහනම් නගරය පිහිටා තිබෙන බිමේමයි. ඒ සඳහා දායක වූ පර්සියානු ජාතික ගෘහ නිර්මාණ ශිල්පියෙකු විසින් අරාබි ගෘහ නිර්මාණ ශිල්පයේ ආභාෂය ලැබූ නානගෙයක් නිර්මාණය කරනු ලැබ තිබෙනවා. එම කුඩා මාළිගය ඉවත් කොට තහනම් නගරය නිර්මාණය කිරීම සඳහා අණ ලබා දුන් මින්හ් රාජවංශයේ යොන්ගල් අධිරාජ්‍යයා විසින් එම නානගෙය, ශාලාවක් ලෙස තහනම් නගරයට එක් කිරීමට කටයුතු කොට තිබෙනවා.
5. කුරුල්ලෙකුට වත් ලැගීමට නොහැකි තහනම් නගරය වහලවල්
තහනම් නගරයේ වහලවල් වල පිරිසිදු බව රැක
ගැනීමට සහ එහි ඇති විශිෂ්ටත්වය පෙන්වීම සඳහා එහි ගෘහ නිර්මාණ ශිල්පීන්
විසින් විශේෂ උපක්‍රමයක් අනුගමනය කොට තිබෙනවා. ආනතිය වෙනස් කිරීම මගින්
කුරුල්ලෙකුට තම නිය තැබීමට නොහැකි වන පරිදි සෑම වහලක්ම සකස් කිරීමට ඔවුන්
වගබලා ගෙන තිබෙනවා. මේ නිසා අද දක්වාම තහනම් නගරයේ ගොඩනැගිලිවල වහලවල් මත
කුරුල්ලන්ට වැසීමට හැකිවන්නේ නෑ.
6. තහනම් නගරේ ආරක්ෂකයෝ
තහනම් නගරයේ ආරක්ෂාව සඳහා විශේෂ පිරිසක් ස්වේච්ඡාවෙන්ම සේවයට එක්ව සිටිනවා. විවිධ යුගවල අධිරාජ්‍යවරුන්ගේ බිරින්දෑවරුන්ගේ සුරතලුන් ලෙස ඇති දැඩි වූ පූසන්ගෙන් පැවත එන පූස් සුරතලුන් සීයකට අධික ප්‍රමාණයක් අදටත් එම බිමේ අයිතිකරුවන් බවට පත්ව සිටිනවා. මේ බොහෝ සුරතලුන් තමන් ගැවසෙන වපසරියක් තමන් විසින්ම නිර්ණය කරගෙන තිබෙන අතර එම ප්‍රදේශයේ ආරක්ෂාව සහ මීයන්ගෙන් මාළිගයට සිදුවන හානි වළකාලීමට එම සතුන් තම දායකත්වය ලබා දෙනවා.
COPIED - lifie.lk

No comments:
Post a Comment