Monday, February 15, 2021

යාල වනෝද්‍යානය

  


යාල ජාතික වනෝද්‍යානය, ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලත ම ජාතික වනෝද්‍යානයයි. එය ඌව සහ දකුණු පළාත් දෙකට අයත් වේ. යාල වනෝද්‍යානය හෙක්ටයාර 97,000කට අධික බිම් ප්‍රමාණයක් පුරා පැතිරී ඇත. රක්ෂිතයෙන් වැඩි ප්‍රමාණයක් පතන බිම් ය. එහෙත්, වෙරළ ආශ්‍රිත ප්‍රදේශ, දිය උල්පත්, ගංඟා, පාෂාණ ශේෂ ,කඳු, ලඳු බිම් හා උස් බිම් ආදී විවිධ භූ ලක්ෂණ සහ විවිධ පරිසර පද්ධතිවලින් එය ගහන ය. යාල වනෝද්‍යානය, සත්ව විශේෂ බොහෝ ප්‍රමාණයකට අයත් සතුන්ට සෙවන සදන ස්ථානයකි. ලෝකයේ විශාලතම දිවි ගහනය එහි වසන බව සදහන් වේ. ආසියා අලින්, කිඹුලන්, වල් ඌරන්, කුළු හරකුන්, අළු රිලවුන්, මල් කොහා, ලංකා වලි කුකුළා, ඉන්දියානු මොනරා, ගෙල සුදු මුහුදු ලිහිණින්, අලි මානාවන්, ලතුවැකියන් එහි ප්‍රකට ය. වනෝද්‍යානයේ ප්‍රධාන වශයෙන්ම දැකිය හැකි වන්නේ, වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර ය. කටු පඳුරු සහිත ලඳු කෑලෑ ද බහුල ය. ඇතැම් තැනෙක, වියළි මිශ්‍ර ගණ වනාන්තරත්, තවත් තැනෙක තෘණ භූමිත් තිබේ.

1 comment: