බුදුරජාණන් වහන්සේ අප මාතෘ භූමිය වෙත වැඩි ගමන් වලදී නිරෝධ සමාපත්ති සුවය විඳි ස්ථාන ලෙස සොළොස්මස්ථාන බුහුමනට පත්රම වේ. ඒ සෑම ස්ථානයක්ම පූජනීය වූ පුදබිම් බවට පත්වී සද්ධා සම්පන්න බෞද්ධයා ගේ ගෞරව බහුමානයට පාත්රය වී ආත්මය හා බැඳී නිධන්ගත වී ඇත.
ඓතිහාසික මුතියංගන දාගැබ මුතියංගන විහාරය පිහිටා ඇත්තේ වර්තමාන බදුලු දිස්ත්රිපක්කයෙහි. බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කළ තෙවැනි ගමනේදී මුතියංගන චෛත්ය ය පිහිටි ස්ථානයේ නිරෝධ සමාපත්තියට පැමිණි බවට විශ්වාස කෙරේ. මෙම සෑ ගර්භයේ බුදු සමිදුන්ගේ මුක්තක ධාතුන් වහන්සේ හා කේෂ ධාතුන් වහන්සේලා වැඩ සිටිති. බුදු රජාණන් වහන්සේ සෘධියෙන් ධාතූන් වහන්සේලා බවට පත් කල දාඩිය බිදු වැඩ සිටින ලොව එකම දාගැබ මෙයයි.
බුද්ධෝොඝෝෂ හිමියන්‍ගේ සමන්තපාසාදිකා අටුවාවට අනුව බුද්ධත්වයෙන් අටවන මස වෙසක් පොුහෝ දින ලංකාවට වැඩි තෙවන ගමනේ දී බුදුන් වහන්සේ සමවත් සුවයෙන් වැඩ සිටි පුණ්යෝ භූමියකි. ජෙට්ඨතිස්ස නම් රජ කෙනකු විසින් විශාල කොට තනවනු ලැබ ඇත. දෙතිස්ඵල බෝධින් වහන්සේ නමක්ද මෙහි වැඩ සිටිති. මලියදේව රහතන් වහන්සේ ස්ථාන සැටකදී දේශනා කළ ‘ඡඡක්ක සූත්ර්ය’ අසා සැට දෙනා බැගින් රහත්වූ බවත්, මේ ස්ථානයේදීද එසේ සස රින් මිදී විමුක්තිය ලැබූ බැවින් විමුක්තිය ලැබූ තැන යන අර්ථයෙන් ‘මුතියංගණ’ යැයි නම් තබා ඇත.
මජ්ජිම නිකායට අයත් අටුවාවක මලියනදේව රහතන් වහන්තසේ විසින් මෙම ස්ථානසසයේ චරක්ඛ සුත්රමය දේශනා කළ බව සඳහන් ය. තවත් ජනප්ර වාදයකට අනුව දෙවන පෑතිස් රජු විසින් මෙහි දෙතිස්ඵල බෝධියක් රෝපණය කොට චෛත්යෙ ද විශාල කොට සාදවා තිබේ.
විහාර ප්‍කාය වේශසයේ ්තොරණ, චෛත්යෛය, විහාර මන්දිරය සහ අෂ්ඨඵල බෝධිඝරය මෙහි සුවිශේෂී අංගයන් වේ. සමාධිගත බුද්ධ රූපයක් මධ් යයේ දෙපස මොණර රූප දෙකකින් ද යුත් මෙහි ඇති මකර තොරණ විාරශේෂත්වයක් හිමි කර ගනී. ගල් පුවරු, ගල් කණු සහ වෙස්සන්තර ජාතකය පිළිඹිබු කරන පෙතිකඩ සිතුවමක් මෙහි වේ. හපෙරහරින් නමුණුකුල කන්දට මෙම පෙතිකඩ ගෙන යාමෙන් වර්ෂාව ඇති වන බව කියයි.
No comments:
Post a Comment