බෙන්තොට, දක්ෂිණ ශ්‍රී ලංකාවේ ගාලු දිස්ත්‍රික්කයේ පිහිටියාවූත්, වෙරළාසන්නයට වූත්, අතිශයින් ම සුන්දර නගරයකි. එය, දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් තැනක් ද වේ. මහා සාගරයත්, පුළුල් මෝය ප්‍රදේශයත් නිසා බෙන්තොට ප්‍රදේශය ඉතා සුන්දර තැනක් වී ඇත. ඒ සුන්දරත්වය විඳින්නට බොහෝ දෙනකු කැමැති ය. එහි ළඟාවන සංචාරකයන්ට, සුඛෝපභෝගී සංචාරක හෝටල් පහසුකම් මෙන් ම, ආයුර්වේද වෛද්‍ය ක්‍රම ලැබ ගන්නට අවකාශ ලැබේ. බෙන්තොට නිපදවන රා ද, බොහෝ දෙනකු අතර ජනප්‍රිය ය. හිනිඳුම ප්‍රදේශයේ හේකොක් කඳු වැටියෙන් ආරම්භ වන බෙන්තර ගඟ, කළුතර - ගාලු දිස්ත්‍රික්ක දෙක වෙන් කරන මායිම මෙන් ම, බස්නාහිර - දකුණු පළාත් දෙක වෙන් කරන මායිම ද වේ. බෙන්තර ගඟෙන් නැඟෙන අතු ගංඟා 18ක් නිසා, ඒ ප්‍රදේශය අලංකෘත ය. බෙන්තොට මහා විහාරය සහ තවත් පෞරාණික බෞද්ධ විහාර කිහිපයක්ම එහි ඇත.
:-)
ReplyDelete