Monday, February 15, 2021

ලංකාවේ දිගම උමග

 

මහනුවර ඉඳලා නුවරඑළියට යන ප්‍රධාන මාර්ගයේ අතරමග තමා රම්බොඩ උමඟ අපිට හම්බෙන්නේ...

මීටර 225ක දිගකින් සහ මීටර් 7ක පළලකින් යුතු  මෙම උමග මංතීරු 2කින් සමන්විත වෙනවා...

රම්බොඩ උමග අප රටේ දිගින් වැඩිම උමං මාර්ගයයි. 

මෙම උමං මාර්ගය හේතුවෙන් ගම්පොළ- නුවරඑළිය මාර්ගයේ සුන්දරත්වයද තවත් ඉහළ ගොස් තිබෙනවා.. 

ඉස්සර කාලේ නම් මේ රම්බොඩ කියන්නේ හරිම ත්‍රාසජනක මාර්ගයක්.
ඉතාම පටු මාර්ගයක් තමයි රම්බොඩට තිබිලා තියෙන්නේ...

මේ පටු මාර්ගය විශාල කරන්න බැරි නිසා තමයි පස්සේ කාලෙක කන්ද විදලා ලංකාවෙ මහාමාර්ගයක් හරහා ඇති පලවෙනි උමං මාර්ග මේ ස්ථානයේ ඉදිවෙන්නේ. 

රම්බොඩ උමග අපේ රටේ මහාමාර්ග ඉතිහාසයේ ප්‍රදාන සංදිස්ථානයක් නිසාත් එතන තියන අමුතුම සුන්දරත්වය නිසාත් නුවරඑළියේ යන සංචාරකයො මෙතන ටික වෙලාවක් නතරවෙලා යන්න අමතක කරන්නේ නෑ...

උමං මාර්ගය සඳහා පමණක් වැය වූ මුදල රුපියල් මිලියන 200 ක්..

2008 මාර්තු දෙවන දින තමා මෙම උමං මාර්ගය මහ ජනතාව වෙනුවෙන් විවෘත වුණේ. 

රම්බොඩ කපොල්ල හා රම්බොඩ ඇල්ල මේ උමං මාර්ගය ආසන්නයේ තමා පිහිටා තියෙන්නේ.. 

වර්තමාන රුපියල් 1000නෝට්ටුවේ. රම්බොඩ උමග සහ එම ස්ථානයේ තිබෙන පැරණි රම්බොඩ දුර්ගය දැක්වෙනවා...



*yourchoiceway.com*

No comments:

Post a Comment