ශ්‍රී ලංකාවේ අග්නිදිග වෙරළ තීරයේ පිහිටි ආරුගම්බේ, ඉතාමත් සුන්දර තැනෙකි. ආරුගම්බේ ලොව පුරා ප්‍රචලිත වී තිබෙන්නේ, මුහුදු දිය මත ලිස්සා යෑමේ ක්‍රීඩාව හෙවත් සර්ෆින් ක්‍රීඩාව නිසා ය. එකී ක්‍රීඩාවට ලෝකයේ ඇති වඩාත් යෝග්‍ය මුහුදු තීරයක් හැටියට, ආරුගම්බේ හැඳින් වේ. ආරුගම්බේ වෙරළ තීරයේ සුන්දරත්වය වඩාත් හොඳින් උකහා ගත හැකි වන්නේ, හිරු මුහුදේ ගිලෙන විටදී ය. ආරුගම්බේ මුහුදු තීරය ආශ්‍රිතව කඩොලාන ශාක සහිත පරිසර පද්ධති දකින්නට ලැබේ.
supiri
ReplyDelete