මධ්‍යම කඳුකරයේ පිහිටි ඉතා සුන්දර නගරයක් ලෙස, නුවරඑළිය හඳුන්වන්නට පුළුවන. එය මුහුදු මට්ටමේ සිට මීටර 1,868ක් පමණ ඉහළින් පිහිටා ඇත. නුවරඑළිය, "පුංචි එංගලන්තය" වශයෙන් හඳුන්වන්නේ, යුරෝපයේ වැවෙන එළවළු, පලතුරු සහ මල් වර්ගවලින් බොහෝ ප්‍රමාණයක් එහි වැවෙන බැවිනි. තේ වගාවත් එහි ප්‍රකට ය. නුවරඑළියට පිවිසෙන සංචාරකයන්, හෝර්ටන්තැන්න, ලෝකාන්තය, බේකර්ස් ඇල්ල, ග්‍රෙගරි වැව, ලවර්ස් ලීප් ඇල්ල, සීතා අම්මාන් කෝවිල, වික්ටෝරියා උද්‍යානය, හග්ගල උද්භිධ උද්‍යානය, ගැල්වේස්ලෑන්ඩ් ජාතික උද්‍යානය, ග්ලේන් දිය ඇල්ල, අඹේවෙල ගොවිපොළ, ශාන්ත ක්ලෙයාර්ස් ඇල්ල සහ සඳතැන්න ආදී ස්ථාන නැරැඹීමටත් අමතක නොකරති.
supiri
ReplyDelete