ගාල්ල, දකුණු ලක අගනගරයයි. වර්ග සැතැපුම් 6.5ක පමණ සරියක් පුරා පැතිරී ඇති එය, යුනෙස්කෝ සංවිධානයෙන් ලෝක උරුමයක් ලෙස නම් කර තිබේ. ගාලු වරාය ඉන්දියන් සාගරයේ පිහිටි සුවිශේෂ ම වරායකි. පෘතුගීසීන් ඉදි කරන ලද ගාලු කොටුව, සංචාරකයකු නැරැඹිය යුතු ම ස්ථානයක් වන්නේය. යුරෝපීයයන් ආසියාවෙහි එදා ඉදි කළ, අද ද දක්නට ලැබෙන විශාලතම බලකොටුව එය බැව් සඳහන් වේ. පැරැණි ගාලු බලකොටුව තුළ, වෙරළට ආසන්නයෙන් ගාල්ල ප්‍රදීපාගාරය දකින්නට පුළුවන. පැරැණිත ම ඔර්ලෝසු කණු අතර, ගාලු කොටුව ඔර්ලෝසු කණුවට හිමි වන්නේ සුවිශේෂී තැනෙකි. එය ගාලු කොටු බැම්මෙහි ස්ථාපිත ය. හෙක්ටයාර 150 කින් සමන්විත රූමස්සල කන්ද වන දහන තිබෙන්නේ ද, ගාලු නගරයට නුදුරෙනි. බෙහෙවින් ම දුර්ලභ ශාක වර්ග, රූමස්සල කන්දෙහි දකින්නට පුළුවන. තෙත් කලාපයේ මෙන් ම වියළි කලාපයේ ශාක විශේෂ ද එහි ඇත. ගාල්ල ජාතික කෞතුකාගාරය පමණක් නොව, සමුද්‍ර කෞතුකාගාරයත් ගාල්ලට පිවිසෙන සංචාරකයකුගේ ඇස ගැටිය යුතුම ය.
supiri
ReplyDelete