මේ කියන්න යන්නේ නුවරඑළියේ සංචාරය කරන්න ඉන්න ඔබ, නුවරඑළියේ ගිහින් යා යුතුම ස්ථාන පිළිබඳවයි. ඔබ යා යුතුම සුන්දර ස්ථාන රැසක් නුවරඑළිය සතුයි.
ග්‍රෙගරි වැව
1872 වර්ෂයේ මෙරට ආණ්ඩුකාර ධූරයට පත් සර් විලියම් ග්‍රෙගරි සිය පරිපාලන කටයුතු වෙනුවෙන් නුවරඑළිය තෝරාගත්තේ ය. ඔහු සැබවින්ම කලාවට හිතැති සෞන්දර්යවාදියෙකු විය. බෙහෙවින් පරිසරයට ඇළුම් කල අයෙක් විය. සිය ස්ථිර වාසස්ථානය වශයෙන් නුවරඑළිය නගරය තෝරාගත් හෙතෙම නගර අලංකරණයට දැක්වූයේ මහත් ඇල්මකි. ඒ පිළිබඳව විදේශිකයන් ද ඔහුව ඇගයීමට ලක් කල අතර සිය හිතවතුන් නගරයට පැමිණෙන බැවින් සිය නගර අලංකරණය වඩාත් විධිමත් කිරීමටද ඔහු කටයුතු කළේය. සුන්දර ග්‍රෙගරි වැව නිර්මාණයට අවශ්‍ය හේතු සාධක නිර්මාණය වූයේ මෙම පදනම මතයි.
සීතා අම්මාන් කෝවිල
සීතා අම්මාන් කෝවිල හක්ගල උද්භිද උද්‍යානයේ සිට කිලෝ මීටර 1 පමණ දුරින් පිහිටා තිබෙන සීතා එලිය ප්‍රදේශයෙහි ඉදිකොට තිබෙයි. රාමායනය පුරාවෘත්තයට අනූව, ලංකා රාජ්‍යයෙහි රාවණා රජු ඉන්දියානු දේවියක වූ සීතාව පැහැරගෙන පැමිණ සැඟවූවා යැයි පැවසෙන ස්ථානයෙහි මෙම කෝවිල ඉදිකර ඇතැයි විශ්වාස කෙරෙයි.
Moon Plains (සඳ තැන්න)
නුවර එලිය දිස්ත්‍රික්කයේ නගරයේ සිට කි මි දුරකින් පිහිට ඇති මේ සුන්දර පරිසරය මහජනතාවට මීට වසරකට පෙර සිට විවෘත පවතී. එමෙන්ම ඉතාමත් සුන්දර පරිසරයකට හිමිකම් කියන මේ ප්‍රදේශය එම ස්ථානයේ ඇති රථ වාහන වලින් පමණක් ගමන් කිරීමට ඇති අතර පිට වාහන ඇතුළු කිරීම තහනම් කර ඇත්තේ එම පරිසරය ආරක්ෂා කරගැනීම සඳහායි
බෝඹුරු ඇල්ල (පේරවැල්ල ඇල්ල)
බෝඹුරු ඇල්ල, (පේරවැල්ල ඇල්ල), යනු ශ්‍රී ලංකාවේ ඌව-පරණගම ප්‍රදේශීය ලේකම් වසමේ පිහිටා තිබෙන දිය ඇල්ලකි. එය නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්ක මායිම් වලට සමීපව, වැලිමඩ නගරයේ සිට කිලෝ මීටර 15 ක් පමණ දුරින් පිහිටයි. බෝඹුරු ඇල්ල ශ්‍රී ලංකාවේ වූ දියඇලි අතුරින් පළලින් ඉතා වැඩි දිය ඇල්ලක් සේ සැළකෙයි.
හක්ගල උද්භිද උද්‍යානය
හක්ගල උද්භිද උද්‍යානය යනු ශ්‍රී ලංකාවේ නිර්මාණය කර තිබෙන උද්භිද උද්‍යාන පහ අතුරින් දෙවැනියටම විශාල, නුවරඑළිය පිහිටා තිබෙන උද්‍යානයකි. අනෙක් උද්භිද උද්‍යාන හතර වන්නේ පේරාදෙණිය උද්භිද උද්‍යානය, හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය, මිරිජ්ජවිල උද්භිද උද්‍යානය සහ සීතාවක උද්භිද උද්‍යානයයි. උද්‍යානය ආසන්නයෙන්ම හක්ගල දැඩි ස්වභාව රක්ෂිතයද පිහිටා තිබේ.
Single Tree Hill
නුවර එළියේ සුන්දර්ත්වය විඳිය හැකි අපූර්ව තැනක් වන මෙහි අහස පැහැදිලි දිනෙක පිදුරුතලාගල කඳු පන්තිය, ශ්‍රීපාදය, හග්ගල, ග්‍රෙගරි වැව, නුවර එළිය නගරය මෙන්ම හොර්ටන්තැන්නද දැකගත හැකිය. තුරඟ තරඟ පිටිය ඉදිරිපසින් ආරම්භ වන “සින්ගල් ට්‍රී” පාරේ පයින් යන්නෙකුට පැයකට අඩු කාලයකදී මුදුනට ලඟා විය හැකිය.
ගැල්වේස්ලෑන්ඩ් ජාතික උද්‍යානය
ඉංග්‍රීසි ජාතිකයන් මෙරටපාලනය කළ සමයේදී, ඔවුන්ගේ රටට සමාන දේශගුණික තත්ත්වයක් පවතින නුවරඑළිය ප්‍රදේශයේ වෙසෙමින් වතුවගා කටයුතුවල නියැළිනි. සතුනට ඇල්මක් දැක්වූ ඉංග්‍රීසි පාලකයන්, ඔවුන්ගේ වාසය සඳහා අභය භූමියක් තැනිය යුතු යැයි තීරණය කළේ ය. ඒ අනුව ගැල්වේස්ලෑන්ඩ් අභය භූමිය, අක්කර 15ක බිම් පෙදෙසක තනනු ලැබීය. මේ ඉඩම, කපිතාන් පී.පී. ගැල්වේස්ට අයත්ව තිබූ නිසා, ගැල්වේස්ලෑන්ඩ් ලෙස නම් කර ඇත.
වික්ටෝරියා උද්‍යානය
වික්ටෝරියා උද්‍යානය යනු ශ්‍රී ලංකාවේ, නුවරඑළිය නගරයේ ඉදි කොට ඇති, මහජන උද්‍යානයකි. අතීතයේ නුවරඑළියේ සංචාරයකට පැමිණි ජර්මන් කුමරියක විසින්, සමාරම්භයේදී මෙම භූමිය තුල ඕක් පැලයක් ඉන්දුවා තිබෙන බවද සඳහන් වෙයි.
වික්ටෝරියා කෞතුකාගාරය
වික්ටෝරියා උද්‍යානයයේ එක් අන්තයක මෙම කෞතුකාගාරය පිහිටා ඇත.
හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය
මහ එළිය හෙවත් හෝටන් තැන්න වනාහී දෙස් විදෙස් කාගේත් නෙත් සිත් ආකර්ශනය කළ ශ්‍රී ලංකාවේ පිහිටි අති සුන්දර භූමියකි. ඉමක් දැකිය නොහැකි ගෝලිය වස්තුවක් වූ මෙය ජෛව විවිධත්වයෙන් මෙන්ම පුරා විද්‍යාත්මක වටිනා කම අතින් ද ඉතා විශේෂ අසිරිමත් වූ ජාතික වනෝද්‍යානයකි. ලෝකාන්තය සොයා යන කෙනෙකුට අප රටෙ වෙනත් කිසිම පරිසර පද්ධතියක හමු නොවන අපූර්වතම හුදෙකලාවකින් යුත් සුන්දර තැනි තලාවක් හමු වෙයි. මෙම අති සුන්දර ජෛව විවිධත්වයෙන් යුතු වූ සීතල නුවර එළියේ පිහිටි වනෝද්‍යානය වනාහි හෝටන් තැන්නයි.
-Source : lifie.lk-










Thank you
ReplyDelete