මහනුවර (දෙමළ: கண்டி kaṇṭi, උච්චාරණය [ˈkaɳɖi], ඉංග්‍රීසි: Kandy) හෙවත් සෙංකඩගල නගරය ලංකාවේ දෙවන විශාලම නගරය යි. වර්තමානයේ ශ්‍රී දළදා මාලිගාව පිහිටා ඇත්තේ මෙහි ය. මෙය කඳුවලින් වට වී ඇති මහනුවර සානුවෙහි පිහිටා ඇත. මහනුවර නගරය ශ්‍රී ලංකාවේ නගර අතරින් ඉතාමත් විචිත්‍ර වූ නගර වලින් එකකි. මෙය මහනුවර, මාතලේ, නුවරඑළියයන දිස්ත්‍රික්ක වලින් සැදුම් ලත් මධ්‍යම පළාතේඅගනගරය යි. මෙය යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත.
ඓතිහාසික ලේඛනයන්ට අනුව මෙම නුවර මුල්වරට ගොඩ නගා ඇත්තේ වික්‍රමබාහු රජුවිසිනි (1357–1374). ඔහු මෙය වර්තමාන නගරයට උතුරින් පිහිටි වටපුළුව ප්‍රදේශයේ ගොඩනගා එයට සෙංකඩගලපුර යන නම දී ඇත. සෙංකඩගලපුර නම ලැබීමට නිශ්චිත හේතුවක් දැනට සොයා ගෙන නැති අතර, ඉතිහාසඥයන් පවසන්නේ නගරය ආසන්නයේ ගුහාවක වැඩ වාසය කළ සෙංකන්ඩ නැමැති තාපසයෙකුගේ නමින් මෙය නම් කරන්නට ඇති බව යි. මෙය රජුගේ සෙංකන්ඩ නමැති බිසවක මුල් කරගෙන හෝ සෙංකඩගල නම් වර්ණිත පාෂාණයක් මුල් කරගෙන නම් කරන්නට ඇති බව අනෙක් මතය යි.
මහනුවර යන්න අගනුවර සඳහා සමාන පදයක් වේ. එබැවින් සෙංකඩගලපුර රටේ අගනුවර ලෙස පැවති යුගයේ මහනුවර (කෙටියෙන් නුවර) යන නාමය භාවිතයට පත්ව ඇත. පසුව කොළඹඅගනුවර බවට පත් වුවද ජනතාව විසින් දිගටම මහනුවර වදන භාවිතා කරමින් පවතී.
ක්‍රි.ව. 1592 වර්ෂයේ දී සෙංකඩගල අග නගරය බවට පත් විය. ක්‍රි.ව. 16, 17, 18 යන ශතවර්ෂවල දී ඇති වූ පෘතුගීසි, ලන්දේසි ආක්‍රමණ ද අවසාන ලෙස බ්‍රිතාන්‍යය ආක්‍රමණයන් ද සාර්ථකව මැඩපවත්වන ලදී. මහනුවර 19 වන ශත වර්ෂය තෙක් ස්වාධීන රාජ්‍යයක් ලෙස පැවතිනි. ඉන් පසු බ්‍රිතාන්‍යයන් සමඟ ඇති වූ දෙවන මහනුවර සංග්‍රාමයේ දී බ්‍රිතාන්‍යයන් 1815 පෙබරවාරි මස 15 වන දින නගරය වෙත ළඟාවෙන ලදි. 1815 මාර්තු 2 වන දින උඩරට ගිවිසුම මගින් මහනුවර ඇතුලු සමස්ථ දිවයින ම බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිතයක් බවට පත් විය.එසේ වීමට හේතුව වුයේ උඩරට රදළ වරුන්ගේ ක්‍රියා කලාපයයි. ඔවුන් එකල රජ කල ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මරා රජ වීමට උස්සහ කලහ. මෙම කත් එදිල්ලේ ප්‍රතිඵලයක් ලෙස උඩරට යටත් විය.
සංචාරක ආකර්ෂණ
- සෙංකඩගල රජ මාලිගාව - සිංහලේ අගනුවර ලෙස සෙංකඩගල පැවති යුගයේ රාජධානයේ පාලන කේන්ද්‍රය වූයේ සෙංකඩගල රාජකීය පරිශ්‍රයයි.
- ශ්‍රී දළදා මාලිගාව - පළමුවන විමලධර්මසූරිය(1592 - 1604) රජතුමා විසින් මුල්වරට ගොඩනගනු ලැබූ දළදා මාලිගාවේ, බුදුරජාණන් වහන්සේගේ වම් දන්තධාතූන් වහන්සේ තැන්පත් කර තිබේ.
- සතර මහා දේවාල - නගරයේ පිහිටා ඇති පුරාණ දේවාල හතර සතර මහා දේවාල ලෙස පොදුවේ හඳුන්වනු ලබයි. මේවා නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන දෙවියන් හතර වෙනුවෙන් ඉදිකර ඇත.
- නුවර වැව - 1807 වර්ෂයේදී ශ්‍රී වික්‍රම රාජසිංහ රජ විසින් ශ්‍රී දළදා මාලිගාවට නුදුරින් නුවර වැව ඉදිකරන ලදී.
- මහනුවර ජාතික කෞතුකාගාරය - 1942දී මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරන ලද මහනුවර ජාතික කෞතුකාගාරය තුල ප්‍රදර්ශනයට තබා අැති දෑ අතර මහනුවර යුගයට හා මෙරට බ්‍රිතාන්‍ය යටත් විජිත සමයට අයත් අායුධ, අාභරණ, මෙවලම් හා අනෙකුත් විවිධ වස්තූන් දැකගත හැකි වේ.
- අස්ගිරිය අන්තර්ජාතික ක්‍රීඩාංගණය - මහනුවර ත්‍රිත්ව විදුහලට අයත් අස්ගිරිය අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ 1996 ක්‍රිකට් ලෝක කුසලානයට අදාල තරග පැවැත්විණි.
- මහනුවර නගර ශාලාව - මහනුවර මහනගර සභාව සහ මහනුවර නගරාධිපති නිල කාර්යාලය ස්ථාපනය කොට තිබෙන ප්‍රධාන මූලස්ථාන ගොඩනැගිල්ල වේ. එකල දුනුවිල වලව්ව ලෙස හඳුන්වනු ලැබූ මෙම ගොඩනැගිල්ල, 1870 වසරේදී මහනුවර මහනගර සභාව විසින් සිය නගර ශාලාවපිහිටුවීම පිණිස අයත් කර ගත් බව සඳහන් වෙයි.
- උඩවත්තකැලේ - ශ්‍රී දළදා මාලිගාවට සම්බන්ධ අභය භූමිය වේ.
- මහනුවර ඔරලෝසු කණුව - නගරයේ ශ්‍රී දළදා වීදිය, එස්. එබ්. ආර්. ඩී. බණ්ඩාරනායක සහ හිරගෙදර යන මාවත් එක්කරන අන්තර්මාරුව මධ්‍යයෙහි ඉදිකොට තිබෙන ඔරලෝසු කණුව, 1947 වසරේ ඉදිකරවන ලද්දකි.
- ලෝක බෞද්ධ කෞතුකාගාරය - මහනුවර පිහිටි ලෝක බෞද්ධ කෞතුකාගාරය ලොව පළමු ජාත්‍යන්තර බෞද්ධ කෞතුකාගාරය වේ.
- රැජිණ හෝටලය - නගරයේ වූ පැරණි හෝටලයකි.
- බෝගම්බර හිරගෙදර - අක්කර 13ක් පුරා විහිදි 1876 වර්ෂයේ මහනුවර ඉදිකරනු ලැබූ බන්ධනාගාරය වේ.
- බ්‍රිතාන්‍ය ගැරිසන් සොහොන - මෙරටදී මිය ගිය බ්‍රිතාන්‍යයයින් භූමදානය පිණිස බ්‍රිතාන්‍යය විසින් 1817 වර්ෂයේ ඉදිකරනු ලැබූ කනත්තකි. කෙසේනමුදු 1873දී කනත්ත වසා දැමුණි.
- වේල්ස් උද්‍යානය - ශ්‍රී වික්‍රම රාජසිංහ රජ විසින් ඉදිකරනු ලැබූ උද්‍යානයක් වේ. බ්‍රිතාන්‍ය වේල්සයේ කුමරුට ගෞරව පිණිස වේල්ස් උද්‍යානය ලෙස නම් කර තිබේ.
- නෙල්ලිගල පුදබිම

No comments:
Post a Comment