ශ්‍රී දළදා මාළිගාව යනු බුදුරජාණන් වහන්සේගේවම් දන්තධාතූන් වහන්සේ වර්තමානයේ තැන්පත් කර ඇති දළදා මාළිගාවයි. වර්තමාන දළදා මාළිගාව ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. උඩරට රාජ්‍යය සමයේ (1592 සිට 1815) මෙය පිහිටා තිබුණේ එවකට පැවති රාජකීය මාලිගා සංකීර්ණය තුළමය. ශ්‍රී දළදා මාලිගාව මුල්වරට ගොඩනගනු ලැබුයේ පළමුවන විමලධර්මසූරිය(1592 - 1604) රජතුමා විසිනි. එතුමා ඉදිකළ ශ්‍රී දළදා මාලිගාව පෘතුගීසි ආක්‍රමණිකයෝ විනාශ කළහ. දැනට දක්නට ලැබෙන පැරණි දෙමහල් වැඩසිටින මාලිගාව ඉදිකරනු ලැබ ඇත්තේ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ (1707 - 1739) රජතුමාය. ඉන්පසු රජ පැමිණි නායක්කර් වංශික ද්‍රවිඩ රජවරු පවා ශ්‍රී දළදා මාලිගාව වැඩි දියුණු කොට ආරක්ෂා කළහ. දළදා මාලිගාව පිහිටා ඇති මහනුවර නගරයම යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත.
මල්වතු හා අස්ගිරි යන දෙපාර්ශවයේ ස්වාමීන් වහන්සේලා දිනපතාම දළදා වහන්සේට පූජා සත්කාර කරති. මෙම පූජාව (තේවාව) දිනකට තුන් වරක් (පාන්දර, දවල් සහ සවස) පවත්වයි. බදාදා දිනවල විශේෂ පූජාවක් ලෙස නානුමුර මංගල්‍යය පවත්වයි. මෙහිදී සුවඳ ගැන්වූ ඖෂධීය ජලයෙන් සංකේත වශයෙන් දළදා වහන්සේ ස්නානය කරවනු ලබයි. මෙසේ ස්නානය කරවීමෙන් ලැබෙන ජලයේ රෝග සුව කරීමේ ආනුභාවයක් ඇති බව විශ්වාස කෙරේ.
දළදා වහන්සේ වැඩහිටි මන්දිරය, ධාතුඝරය, දළදාගේ, දළදා මන්දිරය, දළදා මාලිගය ආදී නම් වලින් හැඳින්වූ බව පෙනේ.
අතීතයේ සිටම ජනතාවගේ පිලිගැනීම වූයේ රටේ රජතුමාට දන්ත ධාතූන් වහන්සේගේ සහ පාත්‍රා ධාතූන් වහන්සේගේ භාරකාරීත්ව හිමි විය යුතු බවය. මේ නිසා අතීතයේ රජවරු සිය දිවි හිමියෙන් දළදා වහන්සේ සහ පාත්‍රා ධාතූන් වහන්සේ ආරක්ෂා කළහ. මධ්‍යකාලීන යුගයයෙන් පසු පාත්‍රා ධාතූන් වහන්සේට සිදුවූදේ අභිරහසක්ව පවතී, එනමුත් දළදා වහන්සේ නිරුපද්‍රිතය.
සෙංකඩගල රාජකීය පරිශ්‍රය තුල දළදා මාළිගාව පිහිටා ඇත. මහනුවරට නැගෙනහිරින් උඩවත්ත කැළයත් හන්තාන කඳුවැටිය එක්පසකින් හා බහිරව කන්ඳ තවත් පැත්තකින් වටවු මහනුවර රාජධානිය සෞම්‍ය දේශගුණයකින් යුක්තය. ඕනෑම භෝගයක් වැවිමට තරම් සශ්‍රිකය. අලුත් නුවර, මැදමහනුවර, හඟුරන්කෙත නුවර, නිළඹේ නුවර, සෙංකඩගල නුවර, හා ගලේ නුවර, දළඳා වහන්සේගේ ආරක්ෂිත ප්‍රදේශ වේ.
මුල් අවධියේ මහනුවර හැඳින්වුයේ "ශ්‍රි සෙංඛණ්ඩ ශෛලාභිධාන ශ්‍රි වර්ධනපුරය" ලෙසය. දඹදෙනි රාජධානියේ හතරවන පරාක්‍රමබාහු (ක්‍රි.ව 302-1326) රජතුමාගේ බෑනා කෙනෙකු වු සිරිවර්ධන නැමති අය විසින් ක්‍රි.ව. 1312 දී එවකට කටුපුල්ලේ නමින් හැඳින්වු ප්‍රදේශය අසල "සෙංකඩගල සිරිවර්ධනපුරය" නමින් නගරයක් ආරම්භකොට ඇත. තවත් ජනප්‍රවාදයක් නම් සෙංඛණ්ඩ නම් බ්‍රාහ්මණයෙකුගේ නමින් මේ නගරය ඉඳිවු බවත්, තුන්වන වික්‍රමබාහු නම් රජුගේ අගමෙහෙසිය වු සෙංඛණ්ඩා නම් දේවිය නමින් මේ නගරය ඉඳිවු බවත්, මෙහි තිබූ සෙංකඩගල නම් රක්ත වර්ණ පාෂාණයක් මුල්කොටගෙන මේ නම ඇතිවු බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ. ගම්පොල රාජධානියේ පාලකයා වු තෙවන වික්‍රමබාහු රජසමයේ (ක්‍රි.ව 1357-1374) දළඳා මැඳුර සහා ලෝකේෂ්වර නාථ දෙවියන් සඳහා වු නාථ දේවාලය මෙහි ඉඳි විය. යස්ගිරි තල්පතෙහි සඳහන් අයුරු අස්ගිරි විහාරය ආරම්භ වුයේද මෙකලය. වර්තමානයේ මේවා මහනුවර පැරණිතම ගොඩනැගිළි වේ. ගම්පොල රජ පවුලෙන් පැවත ආ සේනා සම්මත වික්‍රමබාහු (ක්‍රි.ව 1469-1511)රජු විසින් සෙංකඩගල පුරය ලෙස නම් කරන ලදි.ඔහු මහනුවර රාජධානියේ නිර්මාතෘවරයා ලෙස සැලකේ. බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව තැම්පත්කර චෛත්‍යක්, දෙමහල් පොහොය ගෙයක් ,සංඝාවාසයන් 86 ක් කරවා හා ධාතු කරඬු සහ පිළිම වහන්සේලා පූජා කරමින් පොතපත පලකරමින් විශාල මෙහෙයක් කර ඇත. සීතාවක පළමු රාජසිංහ රජු ,ජයවීර(ක්‍රි.ව 1511-1552),කරල්ලියද්ද බණ්ඩාර(ක්‍රි.ව1552-1582)පළමු විමලධර්මසූරිය(ක්‍රි.ව 1590-1604)සිංහලයේ අවසන් රජු ශ්‍රි වික්‍රම රාජසිංහ (ක්‍රි.ව 1798-1815)දක්වා රජවරු 10 දෙනෙකු මහනුවර රාජධානිය කරගෙන ඇත. සතුරු උවදුරු හැරුනුවිට අන් සෑම අවස්ථාවකදීම දළඳා වහන්සේ වැඩසිටියේ රජ මාළිගාව ආසන්නයේය.දන්ත ධාතූන් වහන්සේ ආරක්ෂාකර ගැනිම රජුගේ වගකීම වූ අතර එහි භාරකරු රටේ පාලකයා බවට පිළිගැනීමක් පැවතුනි. දෙවන විමලධර්මසූරිය රජු තුන් මහල් ප්‍රාසාදයක් කරවු අතර මඟුල් මඞුව හා පත්තිරිප්පුව දේවේන්ද්‍ර,මූලාචාරියා නැමැත්තන් ඉඳිකර ඇත.
-wikipedia-

No comments:
Post a Comment