ශ්‍රීපාදස්ථානය යනු සමනල කන්ද මුඳුනේ පිහිටා ඇති සිරි පතුල සහ ඒ ආශ්‍රිතව ගොඩනැගී ඇති බෞද්ධ සිද්ධස්ථානයයි. එහි බුදුරදුන්ගේ වම් සිරිපා සළකුණ පිහිටුවා අැත.
ශ්‍රීපාද කන්ද සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම කදුකර ප්‍රදේශයේ පිහිටා ඇත. එය මීටර 2243ක් පමණ උස2243. ශ්‍රීපාදස්ථානය බෞද්ධ යන්ගේ පූජනීය වන්දනා ස්ථානයකි. ශ්‍රීපාද කන්ද අවට ප්‍රදේශය විශාල කඳු පන්ති වලින් වටවී ඇත. එහි අලි, කොටි, වලස්සු ආදී සත්වයෝ මෙන්ම ඒකදේශික සත්ව විශේෂ ද ජීවත් වෙති.
ශ්‍රීපාද කන්ද වෙතට මාර්ග 6කින් පමණ ලඟා විය හැක. එම මාර්ග ලෙස රත්නපුර-පලාබද්දල, හැටන්-නල්ලතන්නි, කුරුවිට-එරත්න, මුර්යාවත්ත, මූකුවත්ත සහ මාලිම්බොඩ යන මාර්ග හැඳින්විය හැක. මෙම මාර්ග 6 අතරින්, නල්ලතන්නි හා පලාබද්දල මාර්ග 2 ඉතා ප්‍රසිද්ධය.
ශ්‍රීපාදස්ථානයේ ඇති ඓතිහාසික වටිනාකම නිසා විවිධ ජන වර්ග තමන්ට ආවේණික නම් වලින් ශ්‍රීපාදස්ථානය හදුන්වති. බෞද්ධ ජනයා "ශ්‍රීපාද" යන නාමය ඈත අතීතයේ පටන්ම එනම් බු.ව. 236 පෙර සිටම මෙම පූජනීය කන්ද හඳුන්වති. එය පාලි භාෂාවෙන් නිර්මාණය වූ වචනයකි. බෞද්ධයන් විශ්වාස කරන පරිදි බුදුරජාණන් වහන්සේ ශ්‍රීපාද කඳු මුදුනේ උන් වහන්සේගේ වාම සිරි පතුල සලකුණු කොට ඇත. දමිළ වැසියන් ශ්‍රීපාදස්ථානය සලකන්නේ ඔවුන්ගේ දෙවි කෙනෙකු වන ශිව දෙවියන් පා සටහන සලකුණු කොට ඇති ස්ථානය ලෙසයි. නමුත් අනෙකුත් ජනයා විශ්වාස කරන්නේ ආදම් ලෝකයට පැමිණෙන විට ඔහුගේ පා සටහන කඳු මුදුනේ සලකුණු කොට ඇති බවය. ශ්‍රීපාදස්ථානය සමනළ කන්ද ලෙසද හඳුන්වයි. එසේ හදුන්වන්නේ සමනළයන් උන්ගේ වාර්ශික සන්ක්‍රමණයේ දී ශ්‍රීපාදස්ථානයේ වාසය කරන බව සලකන බැවිනි. සුමන සමන් දෙවියන් ශ්‍රීපාදස්ථානයේ වාසය කරන බව සලකා "සමන්ත කූට" යන නමින් ද ශ්‍රීපාදස්ථානය හදුන්වයි. මීට අමතරව "රත්නගිරි", "ස්වර්ගරෝහනම්" යන නම් වලින් ද ශ්‍රීපාදස්ථානය හදුන්වයි.නමුත් මෙහි සැබෑ අයිතිය සිංහල බෞද්ධයන් සතුය.එය ඔවුන්ගේ වසර 2500 අධික ඉතිහාසය පිරික්සා බැලීමේදී මනාව පැහැදිලි වේ.
ශ්‍රීපාද කඳු මුදුනට නැගීම දුෂ්කර කටයුත්තකි. ඒ සදහා පඩි දසස් ගණනක් නැඟිය යුතු අතර කඳු මුදුනට නැගීමට පැය කිහිපයක් ගත වේ. ශ්‍රීපාද වන්දනාව ආරම්භ වන්නේ සෑම වසරකම උදුවප් පොහෝ දිනයේදීය. වෙසක් පොහෝ දිනයෙන් එය අවසන් වේ. අනෙකුත් මාස වලදි ශ්‍රීපාද කන්ද නැඟීම දුෂ්කරය. එම මාස වලදී ශ්‍රීපාද කන්දට අධික වැසි ඇද හැලෙන අතර තද සුළන් හා ඝන මීදුම පවතී. ශ්‍රීපාද කන්ද නැඟීම හා බැඳුණු සාම්ප්‍රදායික ක්‍රියා පිළිවෙත් පවති. පළමු වරට ශ්‍රීපාද නඟින වන්දනාකරු "කෝඩුකාරයා" ලෙස හඳුන්වන අතර ඔහු "සීත ගඟුල" යනුවෙන් හඳුන්වන දොළ පහරෙන් නාගත යුතුය. "ඉඳිකටු පහන" යන නමින් හදුන්වන ස්ථානයේ දී ඉඳිකටු හා නූල් සවිකර යති. කන්ද නගින අතර තුර සැදැහැවතුන් විවිධ ජන කවි ගායන කරති. කඳු මුදුනට නැඟුණු පසු තමන් ශ්‍රීපාදස්ථානය වන්දනා කර ඇති වාර ගණන අනුව එහි ඇති ඝාණ්ඨාරය නාද කරති.
රාත්‍රී කාලයේදී ශ්‍රීපාද කන්ද තරණය කීරීම අපූර්ව අත්දැකීමකි. විදුලි බුබුලු වලින් ආලෝකමත් වූ මාර්ගය වන්දනාකරුට දිස්වන්නේ තරු කරා දිවෙන මාර්ගයක් ලෙසයි. ශ්‍රීපාද වන්දනාකරුගේ අභිප්‍රාය වන්නේ සූර්ය උදාවට ප්‍රථමයෙන් කඳු මුදුනට නැගීමය. "ඉර සේවය" නමින් ජන වහරේ මෙය හදුන්වන අතර කඳු මුදුනේ දී සූර්ය උදාව නැරඹීම කිසිදා අමතක නොවන අත්දැකීමකි. හිරු එළිය කඳු මුදුනට වැටී අවට තැනිතලා භූමියේ ත්‍රිකෝණාකාර සෙවණැල්ලක් පෙන්නුම් කරයි. හිරු ඉහළට නැඟීමත් සමගම සෙවනැල්ල වේගයෙන් පහතට ගමන් කරයි.එය ඉර සේවය ලෙස හඳුන්වයි.
සමනොලගිර, ශ්‍රිපාදය හා එය වැඳ පුදාගත් රජවරු පිළිබඳ සඳහන් සෙල් ලිපි ගණනාවකි. මහාවංශය, දීපවංශය, චූලවංශය, ආදි වංශ කතාවල හා රාජාවලිය, දඹදෙණි යුගයේ ලියඅවුණු සමන්ත කූට වර්ණාවේද කෝට්ටේ යුගයේ ලියැවුණු ග්‍රන්ථ ගණනාවකද දක්නට පුළුවන.ශ්‍රී පාදය පිලිබඳ මුලින්ම ලිඛිත සාක්ෂි හමුවන්නේ 4 වැනි සියවසේ රචිත පුරාතන ග්‍රන්ථයක් වන දීපවංශයේය. දීපවංශයේ, ශ්‍රී පාදය හඳුන්වා ඇත්තේ 'සමන්ත කූඨ' ලෙසිනි.තවද 5 වැනි සියවසේ රචිත මහාවංශයේ, බුදුන් වහන්සේ ශ්‍රී පාද කඳු මුදුනට වැඩි බව සඳහන් වේ.
කෝට්ටේ යුගයේ ලියැවුණු සැලළිහිණි සන්දේශයේ සමනොළ කන්ද පිළිබඳ මෙසේ දැක්වේ.
අපේ සාහිත්‍යයේ සුවිශේෂ අංගයක් වන ඡනකවි පිළිබඳ සැළකීමේදී ද සම්බුදු සිරිපා වන්දනාවට අදාළ ඡනකවි රා ශියක් ඇති බව පෙනේ. අපේ පැරැන්නෝ පිරී ඉතිරී ගිය ශ්‍රද්ධා භක්තියෙන්ශ්‍රී පාද වන්දනාවේ යෙදුණහ.සම්බුදු සිරිපා රැඳුණු සමනොළ කන්ද, සමන් දෙවියන් , තෙරුවන් ගුණ,ගමන්මගේ විශේෂ ස්ථාන ආදිය ඇතුළත් වු ඡනකවි වලට නිදසුන් කිහිපයකි.
කෙසේ වෙතත් ඉතිහාසයට අනුව පළමු වෙන්ම සිරිපා වඳින්න පැමිණ ඇත්තේ ක්‍රී.පූ.29-17 අතර කාලයේදීය. එකල රජකම් කළ වළගම්බා රජතුමා ශ්‍රී පාද වන්දනාවේ යෙදුණි. ඵපමණක් නොව ශ්‍රී පාද යේ දියුණුවට ඉතා විශාල සේවයක් කළ බවත් වංශ කතා වල සඳහන් වේ.
බු.ව. 236 වන විට ශ්‍රී පාදය පූජනීය ස්ථානයක් බවට පත්වි තිබේ. පොළාන්නරු සහ දඹදෙණි යුගයන් වලදී ශ්‍රී පාද වන්දනාවට විශේෂ තැනක් හිමි වූ බව ඉතිහාසයේ සඳහන් වේ. සිරිපා වන්දනාව ගැන තොරතුරු සඳහන් වන පැරණිම සෙල් ලිපි දෙක පිහිටුවා තිබෙන්නේ පළමුවන විජයබාහු රජු විසිනි. "අඹගමුව" සහ "ගීලීමලේ' යන ප්‍රදේශවල පිහිට වූ මෙම සෙල් ලිපි පුරා විද්‍යාත්මක වශයෙන් වැදගත් වෙයි.
ක්‍රි.ව 411-412 දක්වා ශ්‍රී ලංකාව තුළ වාසය කල ෆාහියන් භික්ෂුවද, ශ්‍රී පාදය පිළිබඳව සඳහන් කොට ඇති නමුත්, උන් වහන්සේ එය කරුණා කල බවක් පැහැදිලිව සටහන් කොට නොමැත. ඉතාලි ජාතික වෙළෙන්දෙක් වන මාකෝ පෝලෝ ක්‍රි.ව 1298 දී ලංකාවට පැමිණි අවස්ථාවේදී ශ්‍රී පාද කන්ද පිළිබඳව සඳහන් කොට ඇතත්, එහි පැවති පූජනීය පාද ලාංඡනයක් පිලිබඳව සඳහන්කොට නොමැත. අරාබි ජාතික දේශ ගවේශකයෙක් වන ඉබන් බතූතා ක්‍රි.ව 1344 දී ශ්‍රී පාද කන්ද තරණය කොට ඇති අතර, ඔහු පවසන පරිදි වන්දනාකරුවන්ට,ශ්‍රී පාද කන්ද කරුණා කිරීමට පඩි පෙළවල් සහ යකඩ කණු වලට සම්බන්ධ කල යකඩ දම්වැල් තනා තිබී ඇත
ප්‍රසිද්ධ රසායන විද්‍යාඥයකු වන සර් හම්ප්‍රි ඩේවිගේ සහෝදරයකු වන ජෝන් ඩේවි, 1817 දී, ශ්‍රී පාද කන්ද මුදුනටම තරණය කොට ඇත. කන්ද මුදුනේදී, ගලෙහි කැටයම් කරන ලද මැණික් ගල් ඔබ්බවන ලද, පිත්තල වලින් අලංකෘත කරන ලද සාමන්‍ය මිනිස් පාදයකට වඩා තරමක් විශාල පාද ලාංඡනයක් හමු වූ බව ඔහුගේ වාර්ථා වල සඳහන් වේ.
රාවණා රජු එකල ලංකාව පාලනය කරන සමයෙහි සිය අගනුවර තුළ පිහිටි ත්‍රිකූඨ පර්වතය ලෙස හඳුන්වා ඇත්තේ මෙම ශ්‍රී පාදය බවද පුරාවෘත වල සඳහන් වේ
සිරිපා වන්දනාවේ යන බැතිමත්හු යොදා ගෙන ඇති විශේෂිත වදන් කිහිපයකි. නඩේ, නඩේ ගුරා, කෝඩු, කිරි කෝඩු ,සැහැල්ලුව, හිමේ, කරුණාවයි, පේවීම, කට වරද්දා ගැනීම, කෝඩේ, අම්බලම, පද්මය ඉන් කිහිපයකි.වන්දනාකරුවෝ සිරිපා ගමනේදී එකිනෙකට සුමන සමන් දෙවිඳුන් ගේ පිහිට ප්‍රාර්ථනා කරති. බෞද්ධයන් විශ්වාස කරන පරිදි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපතුල, ශ්‍රීපාදස්ථානයට අරක්ගෙන සිටින සුමන සමන් දෙවියන් විසින් ආරක්ෂා කරගෙන කඳු මුදුනේ වාසය කරයි.

No comments:
Post a Comment