Wednesday, January 27, 2021

සිංහරාජ වනාන්තරය

 


සිංහරාජ වන රක්ෂිතය ශ්‍රී ලංකාවෙහි මධ්‍යම කදුකරයේ නිරිත දිගින් පිහිටි රක්වාන කදුවැටියේ උස මීටර 300-1170 සීමාවේ, හේක්ටයාර 11250 ක පැතිර පවතින ජාතික වන වනෝද්‍යානයකි. එය අන්තර්ජාතික අවධානයට ලක් වී ඇති අතර යුනෙස්කෝව විසින් ජෛවගෝල රක්ෂිතයක් සහ ලෝක උරුම අඩවියක් ‍ලෙසට නම් කොට ඇත.

ශ්‍රී ලංකාවෙහි පහතරට වැසි වනාන්තර පරිසර කලාප‌‍යේ ‌‍කොටසක් වන ‌‍මෙම ‍නොඉඳුල් කඳුකර වැසි වනාන්තරය, පිවිසු‌ම් අපහසුතාව හේතුවෙන් වාණිජකරණයට ලක් වී‍මෙන් ආරක්ෂා විය. මෙය 1607වස‌‍රේ දී ‍ජෛවගෝල රක්ෂිතයක් ‌‍ලෙස ද, 1988 වස‌‍රේ දී ‍ලෝක උරුමයක් ‍ලෙස ද නම්‍‍‍ කොට තිබීම ඒ සඳහා තවත් හේතුවක් විය. ‌රක්ෂිත‌‍යේ “සිංහරාජය” යන නාමය “සිංහරජදහන” අරුත් ‍දේ.

රක්ෂිතයේ නැගෙනහිර දෙස සි‍ට බටහිර දෙසට දුර කි.මි. 81ක් සහ උතුරු දෙස සිට දකුණු දෙසට උපරිම දුර කි.මි. 7ක් වුව ද ඵය ශාක විශේෂ මෙන් ම කෘමීන්, උභයජීවීන්, උරඟයින්, පක්ෂීන් සහ ක්ෂීරපායීන් ඇතුළු ආවේණික ජීවී විශේෂ සඳහා සුරක්ෂිත අභය භූමියකි.

ඝන ශාක වැස්ම හේතුවෙන් යාල වැනි වියලි කලාපීය වනෝද්‍යාන මෙන් වන සතුන් මෙහි දී පහසුවෙන් දැක ගත හැකි නොව්. මෙහි දී අවසන් තෙත් කලාපීය අලි තිදෙනා දැකගත හැකි අතර දිවියන් ද දක්නට ලැබෙනුයේ දුලබ වශයනි.මෑතකදී දුර්ලබ කලු දිවියෙකුගේ (කොටියකුගේ) මරනයක් වර්තා වූ අතර බහුලව ම දැකිය හැකි විශාල ම ක්ෂීරපායි ජීවියා වනුයේ, ශ්‍රී ලංකා අළු වඳුරා යි.

එක් ආශ්වාදජනක සංසිද්ධියක් වනු‌‌‍යේ පක්ෂීන් ‌‍බොහෝ විට ආහාර ‍‍සොයා යාම සඳහා සාමූහික රංචු වශ‌‍යෙන් හැසිරීමට ප්‍රවණතාවයක් දැක්වීම යි. මෙවැනි ‍රංචුවක් ‍‍බොහෝ විට මහ කවුඩා සහ රතු දෙමළිච්චා යන පක්ෂී විශේෂ වලින් සමන්විත වේ. මෙවැනි ‍රංචුවක පෙරමුණ ගන්නා මහ කවුඩා ප්‍රචණ්ඩකාරී පක්ෂියෙකු ලෙස ද රතු දෙමළිච්චා ඝෝෂාකාරී පක්ෂියෙකු ලෙසද ප්‍රචලිත ය.මෙහි විවිධ පක්ශීන් දැක ගත හැකිය.

පිවිසුම් මාර්ග

ලංකාගම පිවිසුම - *

කොළඹ හරහා - දක්ශින අධිවේගිමාර්ගය - වැලිපැන්න පිටවීම - පැලවත්ත - නෙලුව - ලංකාගම
  • ගාල්ල - උඩුගම - තවලම - නෙලුව - ලංකාගම පිවිසුම.
  • කුඩව හරහා පිවිසුම:කොළඹ -->කලවාන -->කුඩව
  • කොළඹ -- ගාල්ල ---දෙනියාය--පල්ලේගම---මෙදේරිපිටිය---- පිටදෙනිය
  • කොළඔ - ගාල්ල - දෙනියාය - විහාරහේන - සමන්ගල පිවිසුම

-wikipedia-


No comments:

Post a Comment